වහාම ක්‍රියාත්මක වන පරිදි USAC සාමාජිකත්වය අත්හිටුවයි – ICC

වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ (USAC) සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාව යටතේ ICC සාමාජිකයෙකු ලෙස USA ක්‍රිකට් ආයතනය විසින් එහි බැඳීම් නැවත නැවතත් මෙන්ම අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

එසේම ක්‍රියාකාරී පාලන ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම, එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුව (USOPC) සමඟ ජාතික පාලක මණ්ඩලයේ තත්ත්වය ලබා ගැනීම සඳහා ප්‍රගතියක් නොමැතිකම සහ එක්සත් ජනපදයේ සහ ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවට කීර්ති නාමයට හානි කිරීමට කටයුතු කිරීම ද ICC විසින් මෙම තීරණයට හේතු ලෙස දක්වා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ (23) පැවැති රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම USACහි අත්හිටුවීම පෙබරවාරි මාසයේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරම්භ වන T20 ලෝක කුසලානයට හෝ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ජාතික කණ්ඩායමේ සහභාගීත්වයට බලපාන්නේ නැත.

ජූලි මාසයේ පැවති ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී, “නිදහස් හා සාධාරණ මැතිවරණ” පැවැත්වීමට සහ “පුළුල්” පාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට USAC වෙත මාස තුනක් ලබා දී තිබුණි.

ඉන් මාස දෙකකට පසුව මෙම අත්හිටුවීම සිදුකර තිබේ.