සුපිරි කුණාටුවක් (Super Typhoon) ලෙස හැඳින්වෙන Ragasa කුණාටුවට හොංකොං සහ දකුණු චීනය සූදානම් වෙනවා.
මෙය මේ වසරේ මෙතෙක් පැමිණි මෙම වසරේ ප්‍රබලම කුණාටුව ලෙසයි හැඳින්වෙන්නේ.
මෙම කුණාටුව හේතුවෙන් හොංකොං හි සිය ගණනක් ගුවන් ගමන් නවතා දමා ඇති අතර පාසල් සහ කඩ ද වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේම දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතෙන් පුද්ගලයන් 370,000 ක් පමණ ඉවත් කර ඇත.
මෙම කුණාටුව පිලිපීනයේ උතුරු කලාපයට පහර දීමෙන් පසු දකුණු චීනය වෙත ළඟා වෙමින් සිටින බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ.
බදාදා දින චීනයේ ගුවැන්ඩොං පළාතට සුළි කුණාටුව ගොඩබිමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
මෙම කුණාටුව හේතුවෙන් මේ වන විට පිලිපීනයේ ගංවතුර තත්ත්වයන් සහ නාය යෑම් ඇති වී තිබෙනවා.

