විදුලිය අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම රජයේ වගකීමක් – නලින්ද ජයතිස්ස

විදුලිය අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම රජයේ වගකීමක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ විදුලි සැපයීමට සම්බන්ධ සියලු සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය සැලකිල්ලට ගෙන සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනුයි.

”විදුලි බිඳ වැටීමකට ඉඩ දෙන්න රජය සූදානම් නැහැ. මේක අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරල තියෙන්නේ. ඒ නිසා අපේ කියන්නේ කරුණාකරලා ඇවිත් වැඩ කරන්න වැඩ කරන්න බැරි නම් වන්දි අරගෙන යන්න පුළුවන් මේ දේ අනිවාර්යයෙන් කළ යුතුයි මේ ප්‍රතිසංස්කරණය කරන්නැතුව ඉස්සරහට යන්න බැහැ.”

”ආයෝජකයෝ පමණක් නෙවෙයි නේ පාරිභෝගිකයෝ වෙන ඔබටත් සහනයක් දෙන්න පුළුවන් නම් හොඳයිනෙ. සමස්ත මණ්ඩලය දැන් විදුලි බිල වැඩි කිරීමේදී ඔබ දන්නවා ඒ අය ඉදිරිපත් කරන කරුණු කීපයක් තියෙනවානේ එතකොට අපි මේ කොටස් එක එක බලනවා කොතනද ලාභ පාඩු තියෙන්නෙ කියලා. ඒ කොටස් වෙන් වෙන්ව අරගෙන එය කාර්යක්ෂම කිරීම තුළ ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න පුළුවන්. . සමස්ත ඒකාබද්ධතාවය විසින් තමයි අවසානයේ මිල තීරණය කරන්නේ අපි හිතනවා මුළු මණ්ඩලයම තනි ඒකකයක් හැටියට ක්‍රියාත්මක කිරීමට වඩා ඒ ඒ කොටස් සම්බන්ධීකරණයක් සහිතව නමුත් සමාගම් හැටියට වෙන් වෙන්ව කටයුතු කිරීම තුළ මෙතන මේ තිබෙන සමහර ප්‍රශ්න විසඳගැනීමට පුළුවන්කමක් තියෙනවා.”