කොළඹ කොටස් වෙළෙඳපොළ අද ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය අද (22) ඒකක 141.78කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 21,226.87ක් ලෙස සටහන් වුණා.

මෙය මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වීම විශේෂත්වයක්.

එසේම අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 8ක් ලෙස දැක්වුනා.