ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම නෞකාව ඊයේ (20) මෙරටට පැමිණි බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකරනු ලැබීය.
දිවයිනට පැමිණි Frigate වර්ගයට අයත් ‘INS SATPURA’ නෞකාව, දිගින් මීටර් 142.5ක් සහ නැවේ කර්යමණ්ඩලය 403 දෙනෙකුගෙන් සමත්විත වනවා.
‘INS SATPURA’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතයි.

