දකුණු ලෙබනනයට ඊශ්‍රායල ප්‍රහාරයක්

දකුණු ලෙබනනය ඉල්ලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

දකුණු ලෙබනනයේ වූ හිස්බුල්ලා සංවිධානයේ මුලස්ථාන කිහිපයක් ඉල්ලක්ක කර ගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

ප්‍රහාරය හේතුවෙන් සිදු වූ ජිවිත හානි සම්බන්ධයෙන් ක්ෂණික වාර්තා නොමැත.

ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ නොවැම්බර් මාසයේදී කණ්ඩායම සමඟ යුද්ධය අවසන් කළ ගිවිසුමක් තිබියදී වනවා.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ හිස්බුල්ලා සංවිධානයට අයත් යටිතල පහසුකම් ඉල්ලක්ක කළ බවත් එම ප්‍රදේශයේ හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරකම් නැවත ස්ථාපිත කිරීමට කණ්ඩායම ගත් උත්සාහයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය දියත් කළ බවත් ය.