පුත්තලම ලුණු අස්වැන්න නෙළීම ඇරඹේ

පුත්තලම ලුණු අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු නිෂ්පාදනයෙන් පුත්තලම දිස්ත්‍රික්කය සියයට හැටකට(60%) ආසන්න දායකත්වයක් සපයයි.

මෙවර ලුණු නිෂ්පාදනය සඳහා පවතින හිතකර වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාර්තාගත ලුණු අස්වැන්නක් ලබා ගැනීමට හැකිව ඇති බව ලුණු නිෂ්පාදකයෝ පවසති.

ඉදිරි දින කිහිපයේ ද මෙලෙස වියලි කාලගුණික තත්ත්වයක් පැවතුණහොත් රටේ ලුණු  අවශ්‍යතාවයෙන් බහුතරයක දායකත්වය පුත්තලම දිස්ත්‍රික්කයෙන්  ලබා දිය හැකි බව ඔවුන්  සඳහන් කරනවා.

මෙරට සමස්ත ලුණු  අවශ්‍යතාවය මෙට්‍රික්ටෝන් එක් ලක්ෂ අසූදහසකට ආසන්න වනවා.