රුසියාවේ කම්චැට්කාහි රික්ටර් මාපක 7.8 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.
කලාපයේ අගනුවර වන පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 128 ක් නැගෙනහිරින් සහ කිලෝමීටර් 10 ක් නොගැඹුරු ගැඹුරකදී භූමිකම්පාව සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් ඇලස්කාවේ ඇලූටියන් දූපත්වලට සහ කම්චැට්කාහි නැගෙනහිර වෙරළ තීරයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුනා.
කෙසේවෙතත් පසුව එය අවලංගු කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම මින් කැනඩාව හෝ එක්සත් ජනපද බටහිර වෙරළ තීරයට ද සුනාමි අවදානමක් නැති බව සඳහන්.
භූ කම්පනය හේතුවෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.
ප්‍රධාන කම්පනයෙන් පසුව අවම වශයෙන් පසු කම්පන පහක් වාර්තා වී ඇති බව සඳහන්.

