විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා.
එය ලබන 21 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමටයි වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.
මේ අතර එදින සිට ලබන 24 දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්ර කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පී සංගමයේ සභාපති කෝසල අබේසිංහ සදහන් කළා.
මේ වන විට විදුලි සේවකයින් සියලු බාහිර ක්‍රියාකාරකම්වලින් ද ඉවත්ව ඇති අතර ඒ අනුව විදුලිය බිඳ වැටීම් යාවත්කාලීන කිරීම සහ බිල්පත් ගෙවීම් ආදී සේවා රාජකාරී කාලසීමාවේ පමණක් සිදු වනවා.

