ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.9ක ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින් වූ මුහුදේ අද (18) සවස 4:06ට පමණ මෙම කම්පනය ඇති වී ඇත.
මෙම භූ කම්පනය මෙරට සවිකර ඇති භූ කම්පන මාන හතරේම සටහන් වී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරන්නේ.
මහකනදරාව, හක්මණ, පල්ලෙකැලේ සහ බුද්ධංගල යන ප්‍රදේශවල මෙම භූ කම්පන මාන සවිකර තිබේ.
මේ අතර භූ කම්පනය හේතුවෙන් කිසිඳු සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

