මහනුවර ශ්රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසනවා.
මින් පෙර එම ධුරයේ කටයුතු කළ ප්රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස 7 වන දින අවසන් වූවා.
ප්රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා දියවඩන නිලමේවරයා 2005 වසරේ දී එම ධුරයට පත් වුණා.
ඉන් අනතුරුව අවස්ථා 02 කදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත් වී ඇති බව සඳහන් ය.
දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10ක් වනවා.

