පාසල් පැවැත්වෙන දිනයන් හිදී පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලය තුළ ඛනිජ ප්රවාහන කටයුතු සිදු කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය සංශෝධනය කර තිබෙනවා.
ඉදිකිරීම් ක්ෂේත්රයේ සිටින කර්මාන්තකරුවන් සිදු කරනු ලබන බලවත් ඉල්ලීම සැළකිල්ලට ගෙන, ඔවුන්ට ඇතිවන අපහසුතාවයන් සළකා බලා මෙම සංශෝධනය කිරීමට තීරණය කොට ඇති බව සඳහන්.
ඒ අනුව, නව කොන්දේසි යටතේ ඉහත කාලසීමාවන් තුළ දී පාසල් අසළ හා සිසුන් පාර මාරුවන ස්ථාන අසළ ඛනිජ ප්රවාහන කටයුතු සිදු කිරීම, වාහන වල වේගය සීමාවීමකින් යුතුව පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කළ යුතු වනවා.
ඛනිජ ප්රවාහනයේ දී අපරික්ෂාකාරී ලෙස වාහන ධාවනය කිරීම හේතුවෙන් පාසල් සිසුන් රැගත් වාහන අනතුරුවලට ලක්වීම ඉහළ යාම හේතුවෙන් පාසල් පැවැත්වෙන දිනයන් හිදී පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලය තුළ ඛනිජ ප්රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පසුගිය 04 වනදා නව කොන්දේසියක් පනවනු ලැබුවා.

