බස්නාහිර පළාත තුළ සිටින ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ බව සඳහන් කළේය.
මේ ඔහු දැක්වූ වැඩිදුර අදහස්,
“බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාවසායකයින් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්ම කිරීම සඳහා ක්‍රමවේදයක් ආරම්භ කළා. ණය ලබාදෙන පොලී අනුපාතය 3%යි. උපරිම ණය මුදලක් විදිහට දෙන්නේ රුපියල් මිලියන 3යි. ණය ගෙවලා අවසන් වෙන්න ඕනේ වසර 7කින්. හීන වන ශේෂ ක්‍රමයට. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම්වත් කිරීම් කරනවා.”

