මෙරට කොරෝනා රෝගීන් 21,469 දක්වා ඉහළට

ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 502 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 21,469 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එලෙස හඳුනාගත් සියලුදෙනා පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම්හල් සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 17,938 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවදුරටත් ආසාදිතයන් 5,926 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 15,447 ක්.