මේ දිනවල පවතින අධික උණුසුම් තත්ත්වයත් සමග සංකූලතා ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් අවධාරණය කරනවා.
මේ හේතුවෙන් වැඩි වශයෙන් ජලය ඇතුළු දියර වර්ග පානය කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා උපදෙස් ලබා දෙන්නේ.
මේ අතර ඇතැම් ප්‍රදේශවලට සුළු වශයෙන් වැසි තත්ත්වයක් පැවතිය ද අධික උණුසුම පිළිබඳ විශේෂ අවදානය යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අද දිනයේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටත්, මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැක.

