පොලිස්පති කාර්යාලයේ WhatsApp අංකයට දැනට පැමිණිලි 7000ක්

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි WhatsApp අංකයට මේ වන විට පැමිණිලි 7000ක් පමණ ලැබී ඇති බව පොලීසිය පවසනවා.

එම පැමිණිලිවලින් පොලීසියට අදාළ සියලු පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එසේම ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් 071- 8598888 යන WhatsApp අංකය පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා.

මේ අතර එම අංකයට ලැබෙන ඇතැම් පැමිණිලි පොලීසියට අදාළ ඒවා නොවන බවත් පැමිණිලි යොමු කිරීමේදි පොලීසියට අදාළ පැමිණිලි පමණක් යොමු කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.