ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පත කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (10) පස්වරුවේ අත්සන් තබනු ලැබුවා.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර එහිදී පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව එක් ඡන්දයක් හිමි වුණා.
ඒ අනුව ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වුණා.


