නේපාලයේ අර්බුධකාරී තත්ත්වය ගැන රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දක්වා ඇත්තේ නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බවයි.

එසේම පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ගිනිතැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ අවධාරණය කර තිබේ.

බුදුන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාව සුවිශේෂී රටක් වන අතර, මෙවැනි මිලේච්ඡ ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවද වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,