පෝලන්තය රුසියානු ඩ්‍රෝන යාන වලට පහර දෙයි

රුසියාව බටහිර යුක්රේනයට එල්ල කළ ප්‍රහාර අතරතුර රුසියානු ඩ්‍රෝන යානා නැවත වරක් පෝලන්ත ගුවන් සීමාව හරහා ගොස් ඇතැයි පෝලන්තය චෝදනා කරනවා.

මෙම ඩ්‍රෝන යානා කිහිපයකට පෝලන්ත හමුදාව විසින් පහර දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් හදිසි රැස්වීමක් ද කැඳවා ඇත.

මෙම සිදුවීම අපගේ පුරවැසියන්ගේ ආරක්ෂාවට සැබෑ තර්ජනයක් වූ ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙසයි පෝලන්තය හඳුන්වා දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් නිල වශයෙන් අදහස් දැක්වීමක් සිදු කර නැහැ.

ඊයේ රාත්‍රියේ රුසියාව විසින් ඩ්‍රෝන යානා 415ක්, බැලස්ටික් එකක් සහ කෲස් මිසයිල 42ක් සම්බන්ධ කර ගනිමින් යුක්රේනයට ප්‍රහාර එල්ල කර තිබෙනවා.