නේපාලයට යන ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවයි

නේපාලය වෙත සිදුකෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය දැනුම් දෙනවා.

නේපාලය තුළ මේ වනවිට ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

පසුගිය දා නේපාල රජය විසින් සමාජ මාධ්‍ය ජාලා රැසක් තහනම් කිරිමට් එරෙහිව තරුණයන් ආරම්භ කරන ලද විරෝධතා මේ වන විට භයානක ස්වරුපයක් ගනිමින් පැතිරෙමින් පවතිනවා.

මේ හේතුවෙන් ඊයේ (09) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන ගනු ලැබුවා.

මේ අතර අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදුකරන බව ද නේපාල හමුදාව නිකුත් කළ නිවේදනයක දක්වා තිබෙනවා.