ඊයේ දිනයට සාපේක්ෂව අද (සැප්තැම්බර් 09) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවතින බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 298.26 සිට රු. 298.25 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 305.76 හි නොවෙනස්ව පවතිනවා.

