ගාසා නගරයේ සියලුම පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව විසින් නියෝග කර තිබෙනවා.
ඒ ඊශ්‍රායල හමුදාව විශාල යුධ බලකායක් සමඟ එම ප්‍රදේශය ආක්‍රමණය කිරීමට සැලසුම් කර තිබීම හේතුවෙනුයි.
ගාසා නගරයේ මිලියනයක් පමණ ජනතාවක් වාසය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ.
ඊශ්‍රායලය විසින් නගරය පාලනය කිරීමට සැලසුම් ප්‍රකාශ කිරීමෙන් පසු මෑත සතිවලදී ගාසා නගරයට එල්ල කරන ප්‍රහාර වේගවත් වෙමින් පැවතුනා.

