අද ඒ කියන්නේ සැප්තැම්බර් 07 වෙනි දා ලංකාවට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පේනවා නේ, blood moon එකකුත් එක්ක පෙනෙන මේ චන්ද්‍රග්‍රහණය miss වුණොත් ආයේ මේ වගේ එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ අවුරුදු හයකින් ලු.
ඉතින් ඇත්තටම මොකක්ද මේ චන්ද්‍රග්‍රහණයක දී වෙන්නේ…..
මේකේ දී සඳ, පෘථිවිය සහ සූර්යයා යන ආකාශ වස්තු තුන එකම රේඛාවක පිහිටනවා. එහි දී පෘථිවිය සූර්යයාට සහ සඳට අතරට ඇවිත් පෘථිවියේ සෙවණැල්ල සූර්යයාගෙන් සඳට ලැබෙන ආලෝකය අවහිර කරනවා. අන්න එතකොට තමයි චන්ද්‍රග්‍රහණය වෙන්නේ.

චන්ද්‍රග්‍රහණයක් සිදුවීමේ ක්‍රියාවලිය ප්‍රධාන පියවර තුනකින් සමන්විත වනවා.
පෘථිවි සෙවණැල්ලට සඳ ඇතුළු වීම
සූර්යයා සහ සඳ අතරට පෘථිවිය පැමිණි විට, පෘථිවියේ සෙවණැල්ල සඳ මතට වැටේ. අපේ පෘථිවියේ සෙවණැල්ල ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා.
- අර්ධඡායාව (Penumbra): මෙය පෘථිවි සෙවණැල්ලේ පිටත කොටසයි. මෙම කොටසට සඳ ඇතුළු වූ විට, සඳෙහි දීප්තිය තරමක් අඩුවේ. මෙය ඇසට පැහැදිලිව නොපෙනෙන කුඩා වෙනසක් නිසා චන්ද්‍රග්‍රහණය සිදුවන බව දැනගැනීම අපහසු විය හැකිය.
- පූර්ණඡායාව (Umbra): මෙය පෘථිවි සෙවණැල්ලේ අඳුරුම කොටසයි. සඳ මෙම කොටසට ඇතුළු වූ විට, සූර්යාලෝකය සම්පූර්ණයෙන්ම අවහිර වී සඳෙහි වර්ණය රතු පැහැයට හැරෙනවා.
සම්පූර්ණ චන්ද්‍රග්‍රහණය
සඳ සම්පූර්ණයෙන්ම පූර්ණඡායාව තුළට ඇතුළු වූ විට, එය සම්පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳින්වේ. මේ අවස්ථාවේ දී, සූර්යාලෝකය සම්පූර්ණයෙන්ම අවහිර වූවත්, පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන ආලෝකය වර්තනය වීමෙන් සඳට රතු පැහැයක් ලබා දෙයි. මෙම රතු පැහැය නිසා එය රුධිර සඳ (Blood Moon) ලෙස ද හඳුන්වයි.
චන්ද්‍රග්‍රහණයේ අවසානය
පූර්ණඡායාව තුළින් සඳ පිටව යන විට, එහි දීප්තිය යථා තත්ත්වයට පත් වේ. අවසානයේදී, සඳ සම්පූර්ණයෙන්ම අර්ධඡායාවෙන් සහ පූර්ණඡායාවෙන් ඉවතට ගිය විට චන්ද්‍රග්‍රහණය අවසන් වනවා.
ඒ වගේම චන්ද්‍රග්‍රහණ ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදෙනවා.
- සම්පූර්ණ චන්ද්‍රග්‍රහණය (Total Lunar Eclipse): සඳ සම්පූර්ණයෙන්ම පෘථිවි පූර්ණඡායාවට ඇතුළු වූ විට.
- අර්ධ චන්ද්‍රග්‍රහණය (Partial Lunar Eclipse): සඳෙහි කොටසක් පමණක් පෘථිවි පූර්ණඡායාවට ඇතුළු වූ විට.
- අර්ධඡායා චන්ද්‍රග්‍රහණය (Penumbral Lunar Eclipse): සඳ සම්පූර්ණයෙන්ම හෝ කොටසක් පෘථිවි අර්ධඡායාවට පමණක් ඇතුළු වූ විට.
සූර්යග්‍රහණයක් මෙන් නොව, චන්ද්‍රග්‍රහණයක් ඕනෑම ස්ථානයක සිට පියවි ඇසින් නැරඹන්න පුළුවන්. එසේම, එය නැරඹීම සඳහා විශේෂ ආරක්ෂිත උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ.
ඉතින් එහෙනම් අද රෑ තියෙන චන්ද්‍රග්‍රහණය බලන්න අමතක කරන්න එපා.

