අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීම සඳහා කටයුතු කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
එහි සභාපති සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍යන්හි මිල අඩුවීම හේතුවෙන් එම සහනය පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා මෙලෙස ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීමට කටයුතු කරන බවයි.
ඒ අනුව, ව්‍යංජන සහිත බත් පාර්සලයක්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බිරීයානි, නාසිගුරාන් මිල රුපියල් 25කින් පහළ යනු ඇත.
එසේම, බිත්තර රොටී මෙන්ම පරාටා එකක මිල සහ කෙටි ආහාරවල (Short Eats) මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කර තිබෙනවා.

