ධනවත් ව්‍යාපාරිකයෙක් වන Anutin Charnvirakul ව තායිලන්ත පාර්ලිමේන්තුව විසින් එරට නව අගමැති ලෙස නම් කර තිබෙනවා.
ඔහු පසුගිය වසර දෙකක කාලය තුළ තායිලන්ත අගමැති ධුරය හෙබවූ තෙවෙනි පුද්ගලයා වීම විශේෂත්වයක්.
එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ඔහු මෙම ධුරයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
මින් පෙර අගමැති ධුරය හෙබවූ Paetongtarn Shinawatra කාම්බෝජය සමඟ දේශසීමා ආරවුල හැසිරවීම සම්බන්ධයෙන් සදාචාරාත්මක උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ පසුගිය සතියේ අගමැති ධුරයෙන් නෙරපා හරිනු ලැබුවා.

