මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවා ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
එම දරුවා ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 198ක් බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ.
මේ අතර දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 194ක් ලබාගත් දරුවෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
පළාත් මට්ටමින් ලකුණු 70ක් හෝ ඊට ඉහළින් ලකුණු ලබාගෙන වැඩිම සාධනයක් පෙන්නුම් කර ඇත්තේ සබරගමුව පළාතෙන් වනවා.
එහි දෙවනියට වැඩිම සාධනය දකුණු පළාතෙන් වාර්තා වී තිබෙනවා.
එසේම පළාත් මට්ටමින් කඩඉම් ලකුණු සාධනය සලකා බැලීමේදී ද සබරගමුව පළාතෙන් වැඩිම සාධන මට්ටමක් පෙන්නුම් කර ඇත.
දෙවනියට ඌව පළාතත් තෙවනියට දකුණු පළාතත් වැඩිම සාධනයක් හිමිකරගත් පළාත් ලෙස වාර්තා වී ඇති බවයි විභාග කොමසාරිස්වරිය සඳහන් කළේ.

