එජාප සංවත්සර උත්සවය දින නියමයකින් තොරව කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය දින නියමයකින් තොරව කල්දමා තිබෙනවා.

එම සංවත්සර උත්සවය ලබන සෙනසුරාදා (6) පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුනේ.

කෙසේවෙතත් පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම කල් දැමීම සිදුකිරීමටයි එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර ඇත්තේ.

කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මෙම  තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවා.

එසේම එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නා බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.