ප්‍රදේශ පහකට අද ඉර මුදුන් වෙයි

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සූර්යයා සෘජුවම ඉහළින් පවතිනවා.

ඒ අනුව අද දින දහවල් 12:11 ට වංකලෙයි, ඕමන්තයි, වෙදමකිලන්කුලම්, බෝගස්වැව සහ තිරියාය ප්‍රදේශවලට සූර්යයා මුදුන්ව පවතිනු ඇත.