ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති ආරම්භ කළ අඛන්ඩ වැඩවර්ජනය දෙවන දිනයටත් අද ක්‍රියාත්මක වනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් බන්දුල රත්නායක කියා සිටියේ ඊයේ දිනයේදී වර්ජනය සාර්ථකව සිදුවූ බවයි.
එසේම විෂයභාර අමාත්‍යවරයා හෝ වගකිවයුතු බලධාරීන් වෘත්තීය සමිති සමග සාකච්ඡාවකට එකඟ වන්නේ නම් ඊට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු ප්‍රාදේශිකය හැර අනෙකුත් සියලුම ප්‍රාදේශිකයන්වල ලංගම බස් රථ ධාවනය ඊයේ සාමාන්‍ය පරිදි සිදුවූ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළා.
එසේම හඳුන්වා දුන් ඒකාබද්ධ කාලසටහන දිගටම ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

