උතුරු කොරියානු නායක Kim Jong Un ලබන සතියේ බීජිං හි පැවැත්වෙන හමුදා පෙළපාලියකට සහභාගී වන බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
මෙය උතුරු කොරියානු නායකයාගේ පළමු ජාත්‍යන්තර මට්ටමේ නායකයින්ගේ රැස්වීම බවයි සඳහන් වෙන්නේ.
චීනයේ මෙම හමුදා පෙළපාලිය ජපානයට එරෙහි යුද්ධයේ 80 වන සංවත්සරය සහ දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරනවා.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
මෙහි දී චීනය සිය ගණනක් ගුවන් යානා, ටැංකි සහ ඩ්‍රෝන් නාශක පද්ධති ඇතුළුව සිය නවතම ආයුධ ප්‍රදර්ශනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේම චීන හමුදාවේ නව බල ව්‍යුහය පෙළපාළියක සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

