සතියක් තුළ ජනාධිපතිවරු තිදෙනෙක් දිවුරුම් දුන් රටක් ගැන දකුණු අමෙරිකාවෙන් වාර්තා වෙයි. ඒ පේරු රාජ්‍යය යි. එරට දේශපාලන ක්‍රමවේදය මේ වනවිට සම්පූර්ණයෙන් බිඳවැටී තිබේ.
පසුගිය අඟහරුවාදා දිවුරුම් දුන් ෆ්රැන්සිස්කෝ සගාස්ති වසර පහක් තුළ එරට පත්වූ සිව්වැනි ජනාධිපති ය. ජනප්‍රිය ජනපතිවරයෙක් ලෙස සැලකෙන මාර්ටින් විස්කාරා කොංග්රස් මණ්ඩලය විසින් ඉවත් කෙරිණි.
ඔහු වෙනුවට තෝරාපත් කරගත් මැනුවෙල් මෙරිනෝ ඉල්ලා අස්විය.
ෆ්රැන්සිස්කෝ සගාස්තිට එරට ව්‍යාකූලත්වයෙන් මුදවාලීම ට මාස 5ක කාලයක් ඇත. මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2021 අප්‍රේල් මාසයේදී ය.

