ජනප්‍රිය පොප් ගායිකා Taylor Swift විවාහ ගිවිස ගෙන තිබෙනවා.
ඒ සිය පෙම්වතා වන Travis Kelce සමඟයි.
“Your English teacher and your gym teacher are getting married.” යනුවෙන් සඳහන් කළ Instagram පොස්ට් එකක් හරහා ඔවුන් දෙදෙනා මේ ආරංචිය සිය රසිකයන් සමඟ බෙදා ගනු ලැබුවා.
Taylor Swift සහTravis Kelce වසර දෙකකට ආසන්න කාලයක් සිය ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන යමින් සිටින අතර එය 2023 සැප්තැම්බර් මාසයේදී ආරම්භ වී තිබෙන බව සඳහන්.






