හැමෝම පිස්සු වට්ටපු කෙල්ලට 66 යි

මිනි කූපර්….

මේ නම ඇහුන ගමන් ඉතින් මතක් වෙන්නේ මිස්ටර් බීන් ගේ කාර් එක…

ඉතින් අද වෙනකොටත් හැමෝගෙම ආදරේ නොඅඩුව දිනා ගන්න සමත් වෙලා තියෙන මේ හුරුබුහුටි සිඟිත්තිව 1959 වසරේ අද වගේ දවසක, ඒ කියන්නේ අගෝස්තු 26 වෙනිදා දවසක තමයි ඉස්සෙල්ලම එළිදක්වලා තියෙන්නේ.

British Motor Corporation (BMC) එකෙන් තමයි මේ එළිදැක්වීම කරලා තියෙන්නේ.

එකේ දී Austin Seven සහ Morris Mini-Minor ලෙස කාර් දෙකක් හඳුන්වලා දීලා තියෙනවා.

මේ දෙක ඇත්තටම company දෙකක නිෂ්පාදනය කරපු එක තමයි මේ විදිහට කාර් දෙකක එළිදක්වන්න හේතුව වෙලා තියෙන්නේ.

Sir Alec Issigonis තමයි මේ පැංචිව design කරලා තියෙන්නේ.

පවුම් 496ක් වගේ මුදලකට තමයි මේ එළිදැක්වීමේ දී මිනි කූපර් එක විකුණලා තියෙන්නේ.

ඉතින් අද වෙනකොටත් mini cooper කියන බ්‍රෑන්ඩ් එක වෙළඳපොලේ ඉහළම කාර් සන්නාම අතරේ තියෙනවා.

මේ වෙනකොට BMW හරහා තමයි මේ මිනි කූපර් නිපදවෙන්නේ.