හිටපු ජනපති රනිල්ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි මෙම ඇප ලබා දී ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

මේ රනිල් ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කරුණු දක්වමින් නීතිඥ අනූජ ප්‍රේමරත්න සඳහන් කළ දේ,

හෘද වස්තුවේ පටක මිය යෑමේ තත්ත්වයක්
හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04 න් 03ක් අවහිරයි
(ඉන් එකක් 100% අවහිරයි)
හෘද වස්තුවට ආසන්න නිසා සැත්කමක් කරන්න බෑ
වකුගඩු රෝගී තත්ත්වයක්
අවධානම් මට්ටමේ දියවැඩියා තත්ත්වයක්
අගන්‍යාශයේ ඉහළ කොටසේ ආසාධිත තත්ත්වයක්
ශරීරයේ සෝඩියම් අඩු තත්ත්වයක්
අධි රුධිර පීඩන තත්ත්වයක්
පෙනහළු ආසාධිත තත්ත්වයක්
ප්‍රතිශක්තීකරණයත් අඩුයි