නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සීවලි අරුක්ගොඩට

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතාව අද (26) සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබෙනවා

සීවලි අරුක්ගොඩ මහතා 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වනවා.

සීවලි අරුක්ගොඩ මහතා මින් පෙර රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.