එක රැයකින් රුසියාව ඩ්‍රෝන යානා සහ මිසයිල සිය ගණනක් බටහිර යුක්රේනය වෙතට දියත් කරමින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
සැපෝරිෂියා, ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් සහ ලිවිව් යන ප්‍රදේශවල ප්‍රහාර වාර්තා වූ බවයි යුක්රේන බලධාරීන් සඳහන් කරන්නේ.
එම ප්‍රහාරවලින් එක් අයෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා පැවසුවේ යුද්ධය අවසන් කිරීමට රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් සහ ශක්තිමත් ගුවන් ආරක්ෂක පද්ධතියක් තීරණාත්මක වන්නේ මන්දැයි මෙම ප්‍රහාර මගින් ඉස්මතු කර ඇති බවයි.
මේ අතර යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි, ව්ලැඩිමීර් පුටින් සමඟ විභව සාම සාකච්ඡා සඳහා ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව හෝ තුර්කිය හැකි ස්ථාන යෝජනා කර තිබෙනවා.

