තැපැල් වර්ජනය අඛණ්ඩව සිව්වන දිනටත්

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වනවා.

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රී සිට තැපැල් වෘත්තීය සමිති දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල වැඩවර්ජනය ආරම්භ කරනු ලැබීය.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තැපැල් පරිපාලනයෙන් ඊයේ (20) දිනයේ ද සාකච්ඡාවක් ලබානොදීම හේතුවෙන් අද දිනයේත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි තැපැල් වෘත්තීය සමිති සඳහන් කළේ.

වර්ජනය හේතුවෙන් තැපෑල මඟින් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව ද දැඩි අසීරුතාවට පත්ව ඇති අතර ලියුම් සහ පාර්සල් ද බොහෝ ගොඩ ගැසී තිබෙනවා.