රියැදුරු බපත්‍රයක් නොමැතිව වාහනයක් පදවා අනතුරක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය සහ එම වාහනයේ හිමිකරු ඇප මත මුදාහැර තිබෙනවා.
මෙසේ මුදාහැර ඇත්තේ රොෂානි මලිෂා රත්නායක සහ මොහොමඩ් සම්රාස් අහමඩ් යන දෙදෙනායි.
පවතින කෙරෝනා වසංගත තත්ත්වය හමුවේ සැකකරු හා සැකකාරිය මෙසේ පොලිස් ඇපමත මුදාහරිනු ලැබුවා.
කෙසේ වෙතත් ඉදිරි දිනකදී අධිකරණය හමුවට ඔවුන් ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරන්නේ.








