දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් විසිහයදහස් තුන්සිය පහලොස් දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා.
ඒ අනුව එහි දී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 16ක් හඳුනා ගෙන ඇති අතර තවත් පුද්ගලයින් 618 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම මෙහි දී අත්අඩංගුවට ගත් වරෙන්තු කරුවන් සංඛ්‍යාව 214ක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
තව ද විවෘත වරෙන්තු කරුවන් 203 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බීමත් රියදුරන් 46 දෙනෙකු සහ අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 15 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ දී රථ වාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් 3659 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

