පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්,

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි

පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), රබර් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ජාතික රාජ්‍ය සභාවේ ක්‍රීඩා පනත යටතේ අංක 2437/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2440/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීම

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා