හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
ඔහු ජනාධිපති ධුරය දරන සමයේ සිදුකළ විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළවයි මෙලෙස කැඳවීම් සිදු කර ඇත්තේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් පැමිණෙන අතරතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා එංගලන්තයට යෑම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ සිදු කෙරෙනවා.
මිට අදාළව පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

