තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන අදිනටත් අද (20) දිනයේ ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා.
අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ.
එසේම ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ප්‍රතික්ශේෂ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ඔහු සඳහන් කරනවා.
කෙසේ වෙතත් නියෝජ්‍ය තැපැල්පති චමීශා ද සිල්වා මහත්මිය පවසන්නේ, වර්ජනයට හේතුව ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම බවය.

