ඇමරිකාව ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා 6,000ක් අවලංගු කරයි

එක්සත් ජනපද නීතිය උල්ලංඝනය කිරීම සහ නීති විරෝධීව රැඳී සිටීම හේතුවෙන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා 6,000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා.

පහරදීම්, මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවීම, සොරකම් කිරීම සහ ත්‍රස්තවාදයට සහාය වීම යන කරුණු දක්වමිනුයි මෙලෙස එම වීසා අවලංගු කර ඇත්තේ.

ට්‍රම්ප් පරිපාලනය විසින් එරටට ඇතුළු වන විදේශිකයන් පිරිස කප්පාදු කරන ගෙන යමින් පවතින පසුබිමකයි මෙම පියවර ගෙන ඇත්තේ.