ප්‍රදේශ කිහිපයකට හෙට දැනෙන උණුසුමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව, නැගෙනහිර, උතුරු මැද, පළාත්වල සහ හම්බන්තොට, මොණරාගල, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල මෙම උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කළ හැකි වනවා.