සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බන්ඩාර මහතා අවධාරණය කරනවා.
එම වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ සිය ගැටලු සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡාවක් ලබා දී නොමැති බවය.
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ පස්වරුවේ සිට තැපැල් වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.
ඒ හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

