2025 ජූනි 30න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී රු. බිලියන 5.31 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබෙනවා.
2025 මාර්තු 31න් අවසන් වූ පළමු මූල්‍ය කාර්තුවේ දී රු. බිලියන 18.47ක අලාභයක් වාර්තා කර තිබූ පසුබිමක මෙම කාර්තුවේ දී මෙලෙස මණ්ඩලය ලාභ ලබා තිබීම විශේෂත්වයක්.
2025 ජූනි මාසයේ දී සිදුකරන ලද විදුලි ගාස්තු සංශෝධනය හරහා මෙලෙස විදුලි බල මණ්ඩලයට ලාභදායිත්ව මගකට පිවිසීමට හැකිව තිබෙන බවයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.
2024 ජූනි කාර්තුවේ දී මණ්ඩලය ලැබූ රු. බිලියන 34.53ක ලාභය හා සැසඳීමේ දී 2025 ජූනි කාර්තුවේ ලැබූ ලාභය 85%කින් අඩුවීමක් පෙන්නුම් කරයි.
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු 2025 ජනවාරි මාසයේ දී 20%කින් පමණ විදුලි ගාස්තු පහළ දැමීමක් සිදුකෙරණු අතර එය 2025 මාර්තු කාර්තුවේ වාර්තා වුණු අලාභයට බෙහෙවින් හේතුවූ බව සඳහන්.

