තැපෑල අද වර්ජනයකට සැරසෙයි

සියලු තැපැල් කාර්යාලවල සේවකයින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා  මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වැඩවර්ජනයක නිරත වන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ.

අතිකාල ගැටලුව, ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම ඇතුලු කරුණු 19 ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිතයි.

කෙසේවෙතත් ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති සඳහන් කළේ සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරනු ලැබූ බවයි.

මේ අතර තැපැල් සේවකයින් ඊයේ (16) උදෑසන සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත වුණා.