ලංවිම ඉංජිනේරුවන් 20%ක් රට හැර යයි

පසුගිය වසර කිහිපයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් සියයට 20ක් පමණ රට හැරගොස් ඇති බව එම මණ්ඩලය පවසනවා.

පසුගිය අවුරුදු තුනක කාලය තුළ ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙකු එලෙස රට හැරගොස් ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පෙන්වා දෙන්නේ.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය ඇතුළු රටවල්වල රැකියා අවස්ථා සඳහා ඔවුන් මෙලෙස පිටව ගොස් තිබෙනවා.

මෙම හැර ගිය පිරිසෙන් සියයට 85ක් විදුලි ඉංජිනේරුවන් වන අතර තවත් සියයට 8ක් යාන්ත්‍රික ඉංජිනේරුවන් සහ සියයට 7ක් සිවිල් ඉංජිනේරුවන් ද වන බව සඳහන්.