රුපියලේ සුළු පහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.07 සිට රු. 297.21 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 304.61 සිට රු. 304.70 දක්වා ඉහළ ගොස් තිබේ.