කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) දිනයේ ද වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 468ක් වන අතර ඉන් දේශීයව 464ක් ද විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙකු ලෙස වාර්තා වී තිබේ.
කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් ගණන 282කි.
ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 43ක් සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක් ලෙස වාර්තා වී තිබේ.
මේ අතර කොළඹ දිස්ත්‍රිකයෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පන්දහසේ සීමාවට ආසන්න වී තිබේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වනබව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කළාය.
මේ වනවිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ කොවිඩ් පොකුර 12,690ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් 7606 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
එහිදී මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 3106ක් ද පෑලියගොඩ මාළු වෙළෙඳපොළට සම්බන්ධ කොවිඩ් පොකුරෙන් කොවිඩ් ආසාදිතයින් 9584ක් ද වශයෙන් හඳුනාගෙන තිබුණි.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 16,190ක් වන අතර ඉන් ආසාදිතයින් 11,030 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව රෝහල් තුළ සහ රෝගීන් රැකබලා ගන්නා මධ්‍යස්ථාන තුළ තවදුරටත් කොවිඩ් රෝගීන් 5,107 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 53කි.
කොවිඩ් -19 වෛසරය ආසාදනය වූ පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000ක් පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

